සිදුවීම්

        පාසලෙහි පැරණි බුද්ධ මන්දිරය                   ප්‍රතිසංස්කරණය කර පූජා කෙරේ.                         

අප පාසලෙහි කලා  අංශ භුමියෙහි විනාශයට යමින් පැවති පැරණි බුද්ධ මන්දිරය අලුත්වැඩියා කිරීමට කලා සංගමයේ සිසුන් විසින් 2020.9.14 දින පටන් ගත් අතර එහි වැඩ අවසන් කර 2020.9.29 දින පෙ.ව 08.09 ට  අලුත්වැඩියා කළ බුද්ධ ප්‍රතිමාවට  නේත්‍රා තැබීම; පින්කමක් වශයෙන් සිදුකර රාත්‍රියෙහි සෙත් පිරිතක් සජ්ඣායනා කළ අතර පසුදා  එනම් 2020.9.30 උදේ බුද්ධ මන්දිරයේ වහලයෙහි රන් ආලේපිත කොත් වහන්සේ නමක් සවිකර  පච්චිමාරාම විහරයෙහි නායක ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීමෙන් බුද්ධ මන්දිරය නැවතත් පාසල් ප්‍රජාවගෙ වන්දනාව ට පූජා කිරීමෙන් අනතුරුව පෙර පෝය වැඩසටහනක් සිදු කෙරිණි.එම අවස්තාවට පාසලෙහි ගුරුභවතුන් හා බොහෝ සිසුන් ප්‍රමාණයක් සහභාගී විය.
සටහන,
ART MEDIA UNIT හී සාමාජික
J.P Gayan .T.Jayasingha
(CHAIRMAN - කලා සංගමය )



"කලාභිනන්දන" කලා උත්සවය අති සාර්ථකව පැවැත්විණි.


  කලා අංශ සිසු සිසුවියන්ගේ සැගවුනු සාහිත්‍යය   හා සෞන්දර්ය දක්ෂතා ඔප්නංවාලමින් පාසල් වේදිකාවක් තුළ එම දක්ෂතා පාසල් ප්‍රජාවට ඉදිරිපත් කිරීමේ අරමුණින් කලා සංගමය විසින් සංවිදානය කළ "කලාභිනන්දන" නම් කලා උලෙළ 2021.02.22 දින මැදිරිගිරිය ජතික පාසලෙහි ප්‍රධාන ශාලාවේදී ගරු  විදුහල්පති රුවන් කුමාර ගුරුතුමන්ගෙ සහ විශ්‍රාම ලත් කලා අංශ ගුරුභවතුන් කිහිප දෙනෙකුගෙ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පවැත්විණ. එමෙන්ම මෙම  අවස්තාවට අප පාසලෙහි ගුරුභවතුන් හා කලා අංශ සිසු සිසුවියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූ අතර එහිදී කලා සිසුන්ගෙ මින්පෙර නොදුටු අපුර්ව නිර්මාණ දක්ෂතා රාශියක් උත්සවය තුළ ඉදිරිපත් විය.විශේෂයෙන් ම කලා සංගමය ට  මෙම උත්සවය පැවැත්වීම සදහා කලා අංශ ප්‍රධාන චාමර පුෂ්පකුමාර ගුරුතුමන් හා කලා අංශ ගුරුභවතුන් බොහෝමයක්  පසුපස සිට ඔවුන්ට මෙම කටයුතු සිදුකිරීමට විශාල මගපෙන්වීමක් ලබා දෙන ලදි.

සටහන 
ART MEDIA UNIT හී සාමජික
J.P.Gayan .T.Jayasingha
( CHAIRMAN - කලා සංගමය ) 












wdorKSh fiakl .=re mshdfKks

Tng ksjka iqj ,efnsjd !!!!!

👇




























No comments:

Post a Comment